වැලිගෙපොල ප්‍රාදේශී්‍ය සභා ඉතිහාසය


    එදා “ගම් සභාව” නමින් හැඳුන්වනු ලැබූ  මෙම පළාත් පාලන ආයතනය රටේ මහතුන්ගේ පාලන යුගයෙන් පසු 1933 සිට 1961 දක්වා අවුරුදු 28 ක කාලයක් තුළ ගම් සභාපති මහතුන් තුන්පලකගේ පාලනය පිට පැවති  අතර, ඩී.එම්.ලොකුබණ්ඩාර මැතිතුමා මෙම පළාත් පාලන ආයතනයේ පළමු පුරවැසියා බවට පත් වේ. 1943- 07-01 දින සිට 1943-12-31 දක්වා එතුමා සභාපතිත්වය දරා ඇත. හුණුවල, ඕපනායක ප්‍රාදේශීය සභා‍ කාර්යාලය පිහිටා ඇත්තේ ද එතුමන්ගේ පාලන කාලයේදී ඩබ්ලිව්.එම්. ලොකු බණ්ඩාර මහතා විසින් පරිත්‍යාග කරන ලද බිම් කොටසකය. ඉන් පසුව පිළිවෙලින් ඩී.ඩී.වෙල්ලාල මැතිතුමා 1944-01-01 දින සිට 1957-05-30 දින දක්වාද, ඩී.පී. වෙල්ලාල මැතිතුමා 1957-07-12 දින සිට 1961-01-31 දින දක්වාද ගම් සභා පාලන කාලය තුළ ජනතා සුභ සිද්ධිය සඳහා සේවය කර ඇති අතර, 1961-02-26 වන දින සිට 1977-07-31 දින දක්වා මෙම සභාවේ සභාපති ධූරයට ඩබ්ලිව්.එම්. නාගරත්න බණ්ඩාර මැතිතුමා පත්ව ඇත. 

    සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මැද කෝරළය තුල පිහිටි මෙම ප්‍රාදේශීය සභාව “හෙලපල්ල ගම් සභාව” නමින් 1943-07-01 දින සිට ආරම්භ වී 1981-06-30 දක්වා ක්‍රියාත්මක වී ඇති අතර ආරම්භයේදී සභාපති ලෙස ඩී.එම්. ලොකු බණ්ඩාර මැතිතුමාද, පිළිවෙලින් 1994-01-01 සිට 1957-05-30 දක්වා ඩී.එම්. වෙල්ලාල මැතිතුමාද, 1957-07-12 සිට 1961-01-31 දක්වා ඩී.පී. වෙල්ලාල මැතිතුමාද. 1961-02-20 වන දින සිට 1977-07-31 දක්වා  ඩබ්.එම්. නාගරත්න බණ්ඩාර මැතිතුමාද කටයුතු කර ඇත. එසේම මෙම පළාත් පාලන ආයතනය 1981-07-01 දින සිට 1987-12-31 දක්වා කාලය තුල “රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන සභා උප කාර්යාලය” නමින් හඳුන්වනු ලැබූ අතර 1988-01-01 දින සිට “වැලිගෙපොල ප්‍රාදේශීය සභාව” නමින් සංස්ථාපනය වී ඇත. 


එකී කාලය තුල සභාපතිවරුන් 06 දෙනෙකු සභාපති ධුරයේ රාජකාරී ඉටුකර ඇති අතර එම කාලය තුල, 

ඊබට් ලියනපතිරණ මැතිතුමා (1988-01-01  සිට 1988-06-30 දක්වා)
ප්‍රේමදාස වල්ලකැටිය මැතිතුමා (1988-07-01 සිට 1991-06-30 දක්වා)
එච්.ඒ. විජේරත්න මැතිතුමා  (1991-07-01 සිට 1997-02-28 දක්වා)
ඩබ්ලිව්.එම්. උදේනි වීරසේකර මැතිතුමා (1997-04-15 සිට 2002-04-14 දක්වා)
එච්.ඒ. විජේරත්න මැතිතුමා  (2002-04-15 සිට 2006-04-14 දක්වා)
කැළුම් ප්‍රියංකර ජයසිංහ මැතිතුමා (2006-04-15 සිට 2011-01-05 දක්වා) කටයුතු කර ඇත.


    2011-01-06 සිට 2011-07-26 දින සිට‍ බලයලත් නිලධාරීවරයෙකු යටතේ මෙම පළාත් පාලන ආයතනයේ පරිපාලන කටයුතු මෙහෙයවන ලද අතර නැවතත් 2011-07-30 දින සිට 2015-07-31 දින දක්වා කැළුම් ප්‍රියංකර ජයසිංහ මැතිතුමා විසින් සභාපතීත්වය උසුලා ඇත. 2015-08-01 දින සිට නැවතත් 2018-04-04 දින දක්වා බලයලත් නිලධාරීවරයෙකු යටතේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලැබු අතර වත්මන් පාලන කාලය 2018-04-05 දින සිට ආරම්භ වී මේ දක්වාම කැළුම් ප්‍රියංකර ජයසිංහ මැතිතුමා විසින් සභාපති ධූරයේ කටයුතු සිදුකරමින් පවතී.