වැලිගෙපොල ප්‍රාදේශීය සභාව වර්ග කිලෝමීටර් 420 ක විශාලත්වයෙන් යුක්ත වන අතර වැලිගෙපොල සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකින් හා ග්‍රාම නිලධාරී වසම් 50 කින් සමන්විතය. වැලිගොපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය මේ වනවිට 64560 ඉක්මවයි අද දිනය වනවිට මෙහි ස්ථිර අනුමත කාර්ය මණ්ඩලය 52 ක් වන අතර ආදේශක කාර්ය මණ්ඩලය 11 ක් වේ. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන මෙම සභා බල ප්‍රදේශයේ පොදු ජනතාවගේ සුභ සාධනය හා සුඛ විහරණයට අදාලව මංමාවත් පිළිසකර කිරීම කැළි කසල බැහැර කිරීම, ජල පහසුකම් ලබාදීම, වීථි පහන් සවි කිරීම, පෙර පාසල්, පුස්තකාල පහසුකම් සැලසීම වැනි පොදු කටයුතු කෙරෙහි ප්‍රමුඛතාවය දී කටයුතු කරනු ලබයි.
ලේකම්තුමියගේ පණිවිඩය
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 අතරින් එකක් වූ වැලිගෙපොල ප්‍රාදේශීය සභාව ප්‍රදේශයේ ජනතාවගේ සේවා අවශ්‍යතාවන් ප්‍රමාණාත්මකව හා ඵලදායී අයුරින් ඉටු කිරීම පිණිස සංවර්ධන ඉලක්ක කරා යොමුවෙමින් පවතී. දුෂ්කර ප්‍රදේශ හා ගම්මාන රැසක් පිරිවරාගත් ග්‍රාමීය ඇවතුම් පැවතුම් වලින් පිරි ජන සමූහයක් වෙසෙන මෙම ප්‍රදේශයේ ජනතාවගේ සේවා සම්පාදන කාර්යයන් පොදු පරිපාලනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, භෞතික සැළසුම්.මංමාවත්, ඉඩම් හා ගොඩනැගිලි, ජල සම්පාදන සේවා, පොදු උපයෝගීතා සේවා සහ සුභසාධන සේවා යන වැඩසටහන් හය ඔස්සේ ක්‍රියාවට නැංවේ. අපගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා අප හා එක්වන ලෙස ඔබ සැමට සාදරයෙන් ඇරයුම් කරමි.
කේ.ජී.එල්.දිල්හානි මිය
ලේකම්
වැලිගෙපොල ප්‍රාදේශීය සභාව
දැක්ම
“ජනසෙත සුරකිමු”
අරමුණ
“ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල වෙසෙන ජනතාවගේ සුඛ විහරණය සඳහා කැප වී ක්‍රියා කිරීම”
මෙහෙවර
“වැලිගෙපොල ප්‍රාදේශීය සභා සීමාව තුල වෙසෙන ජනතාවගේ ජීවිතවල පවත්නා අහිතකර කාර්යයන් අවම කර සභා සීමාව තුල ඇති සම්පත් ප්‍රයෝජනයට ගනිමින් එම ජීවිත ප්‍රවර්ධනය කිරීම”
විශේෂ දැන්වීම්
2026 වර්ෂයේ අයවැය සකස් කිරීම
වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා බලප්‍රදේශය තුළ ජනතාවගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දී ඉටුකළයුතු සංවර්ධන යෝජනා හා වැඩසටහන් සම්බන්ධයෙන් ඔබගේ අදහස් හා යෝජනා 2025-08-31 දින ප.ව.3.30ට පෙර ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
යෝජනා ඉදිරිපත් කිරීමේදී පහත දක්වා ඇති අංශ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදෙන මෙන් වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටිමි.
1. කසල කළමනාකරණය
2. ආර්ථික සංවර්ධන ව්‍යාපෘති (නිදසුන් :- ස්වයං රැකියා)
3. වැඩිහිටි, ආබාධිත, ළමා හා කාන්තා අභිවෘද්ධිය සඳහා වන ව්‍යාපෘති
4. සංචාරක වශයෙන් වැදගත් ස්ථාන සංවර්ධනයට අදාල ව්‍යාපෘති
5. මාර්ග සංවර්ධනය
6. මහජන සම්බන්ධතා පුළුල් කිරීම හා විධිමත් කිරීම
7. ආදායම් මාර්ග පුළුල් කිරීම හා විධිමත් කිරීම
8. පෙර පාසල්, පුස්තකාල හා සතිපොල සංවර්ධනය
9. ගුණධර්ම වැඩි කිරීම සඳහා සංස්කෘතික ව්‍යාපෘති
10. වංචාව, දූෂණය හා නාස්තිය අවම කිරීම
Watsapp group එක ඔස්සේ තොරතුරු ලබා දීමට QR කේතය

2026 වර්ෂයේ අයවැය ලේඛනය පිළියෙල කිරීම සදහා ඔබගේ අදහස් හා යෝජනා මෙතැනින් යොමු කරන්න.

