වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ ආදායම් අංශය

වරිපනම් බදු
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඕපනායක කොට්ටාශය හා වැලිගෙපොල කොට්ටාශයේ දියුණු ගම් ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ තුල පවතින සෑම ඉඩමක් හා ගොඩනැගිල්ලක් සඳහාම වරිපනම් බදු ගෙවීමට වරිපනම් බදු අයකරන ප්‍රදේශයේ සිටින ඔබ නීත්‍යානුකූලව බැඳී ඇත. වසර 05 කට වරක් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් සෑම දේපලකටම වාර්ෂික වටිනාකම තක්සේරු කරන අතර ඉන් ගෘහස්ථ හා ව්‍යාපාරික ස්ථාන සඳහා වාර්ෂික වටිනාකමින් 6% ක් වරිපනම් අංශයෙන් අය කරනු ලැබේ. සෑම වර්ෂයකම ජනවාරි 31 දිනට ප්‍රථම ඔබ විසින් වරිපනම් බදු ගෙවන්නේ නම් 10% ක වට්ටම් මුදලක් ලබාදෙනු ලැබේ. කාර්තු වශයෙන් ගෙවන්නේ නම්, කාර්තුවේ පළමු මාසය තුළ ගෙවීමෙන් 5 % ක වට්ටමක් ඔබට හිමි වේ. ප්‍රමාදව කරනු ලබන ගෙවීම් සඳහා සෑම කාර්තුවකම අවසානයේ ගෘහස්ථ ස්ථාන සඳහා 15% ක් ද ව්‍යාපාරික ස්ථාන සඳහා 20% ක් ද අධිගාස්තු අය කරනු ලැබේ.

මිශ්‍ර ආදායම්
01. වෙළඳ බලපත්‍ර ගාස්තු අය කිරීම
02. කඩ කුලී අය කිරීම
03. විනෝද බදු අය කිරීම
04.  දැන්වීම් පුවරු ගාස්තු අය කිරීම
05. ත්‍රී රෝද රථ සංගම් ඇති කිරීම සහ අදාල ගාස්තු අය කිරීම
06. සතිපොල ගාස්තු අය කිරීම
07. සම්ප්‍රේෂණ කුළුණු සඳහා ගාස්තු අය කිරීම
08. ජල බවුසරය කුලියට ලබාදීම
09. ට්‍රැක්ටර් රථය කුලියට ලබාදීම
10. හට් සහ ටකරං කුලියට ලබාදීම
11. ගව ඝාතනයට අවසර ලබාදීමේ කටයුතු
12. කසළ බදු අය කිරීමේ කටයුතු
13. ක්‍රීඩා පිටි සහ පොළ භූමිය කුලියට දීම
14. ආදායම් අය කිරීම සම්බන්ධ අතුරු ව්‍යවස්ථා සැකසීම
15. නඩු ගාස්තු ගෙවීම සම්බන්ධ කටයුතු
16. වාර්ෂික බදු පැනවීම සම්බන්ධ ගැසට් පත්‍රය සකස් කිරීම
17. මුද්දර ගාස්තු ගෙන්වා ගැනීම
18. උසාවි දඩ ලබා ගැනීම

සේවා සදහා අනුමත ගාස්තු

සේවාවේ නම අය කරන මුදල රු.
බිත්ති /තාප්ප උපයෝගී කර ගන්නා ප්‍රචාරක දැන්වීම් සඳහා වර්ග අඩි 01 ක් සඳහා 25.00
ස්ථිර දැන්වීම් පුවරු සඳහා වර්ග අඩියකට 100.00
රෙදි මගින් කෙරෙන ප්‍රචාරක දැන්වීම් (බැනර් හා කටවුට්) වර්ග අඩි 01 ක්  30.00
ඩිජිටල් මුද්‍රණ දැන්වීමක් සඳහා වර්ග අඩි 01 ක්  50.00
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා  500.00
කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරිම සඳහා 500.00
පුස්තකාල සාමාජිකත්වය සඳහා  40.00
පුස්තකාල සාමාජිකත්වය අළුත් කිරීම සඳහා 30.00
පුස්තකාල පොත් බැහැරගෙන යාම ප්‍රමාද ගාස්තු (දිනකට) 1.00
නොපවරා ගැනීම / වීථි රේඛා සහතිකයක් නිකුත් කිරීම 500.00
හිමිකම් සහතිකයක් සඳහා 100.00

ජල බවුසරය කුලියට දීම දිනකට (සභා කාර්යාලයේ සිට කි.මි. 01 ක් ඇතුලත රු. 3000.00 ක් ලෙසත්, ඉන් බැහැරව වැඩිවන සෑම කි.මි. 01 ක් සඳහා රු. 50.00 ක් ලෙසත් ගෙවිය යුතුය.)

ජල බවුසරය රඳවා ගන්නේ නම් එක් දිනකට අය කිරිම 

3000.00

500.00

වානේ පුටුවක් කුලියට දීම (එක් දිනකට)

(දෙවන දින සිට ඉදිරියට ප්‍රමාද වන සෑම දිනකට හෝ ඉන් කොටසකට)

5.00

2.50

ප්ලාස්ටික් පුටුවක් කුලියට දීම (එක් දිනකට)
(දෙවන දින සිට ඉදිරියට ප්‍රමාද වන සෑම දිනකට හෝ ඉන් කොටසකට)
10.00
155.00
ට්‍රැක්ටරය කුලියට දීම (යන්ත්‍ර පැය 1 ක් සඳහා යම් හෙයකින් මීටරය අක්‍රීය වුවහොත් දිනකට ට්‍රැක්ටර් කුලිය

110160.00

5000.00

JCB යන්ත්‍රය කුලියට දීම (යන්ත්‍ර පැය 1 ක් සඳහා) 
යම් හෙයකින් මීටරය අක්‍රීය වුවහොත් දිනකට JCB යන්ත්‍ර කුලිය 
2200.00
8000.00
එක් ත්‍රීරෝද රථයක් වෙනුවට මසකට රු. 100.00 බැගින් වර්ෂයකට 1200.00
ජල සැපයුම් ඉල්ලුම්පතක් සඳහා  50.00
ගොඩනැගිලි අයදුම්පතක් සඳහා 300.00
ඔප්පු උධෘත පෝරම 01 ක් සඳහා   100.00
ක්‍රීඩා පිටි / පොල කුලියට දීම (දිනකට)  500.00
අනතුරුදායක කොස් ගසක අතු කපා ඉවත් කිරීමේ පරීක්ෂණ ගාස්තු  500.00
අනතුරුදායක කොස් ගසක් කපා ඉවත් කිරීමේ පරික්ෂණ ගාස්තු  1000.00
අනෙකුත් අනතුරුදායක ගසක් කපා ඉවත් කර ගැනීමේ පරීක්ෂණ ගාස්තු  500.00
අනෙකුත් අනතුරුදායක ගසක අතු කපා ඉවත් කිරීමේ පරීක්ෂණ ගාස්තු  500.00
මාලු අලෙවිය - බයිසිකලයකින් දිනකට  25.00
මාලු අලෙවිය - මෝටර් වාහනයකින් දිනකට 50.00
මාලු අලෙවිය - ලෑල්ලකින් / පෙට්ටියකින් දිනකට 50.00
ලොතරැයි අලෙවිකරණ වාහනයකින් දිනකට  50.00
සුනඛයින් ලියාපදිංචි කිරීම එක් සුනඛයකු සඳහා  25.00
හට් එකක් කුලියට දීම (දිනකට)
(දෙවන දින සිට ඉදිරියට ප්‍රමාද වන සෑම දිනකට හෝ ඉන් කොටසකට)
500.00
250.00
ප්‍රදේශයේ තැනින් තැනට ගොස් ලී ඉරීමේ යන්ත්‍රයක් භාවිතා කිරීම 1000.00
භූමි යෝග්‍යතා සහතික ඉල්ලුම් පත්‍රයක්  25.00
දැව කලුගල්/ වැලි ප්‍රවාහන බලපත්‍ර ලබා දීම සඳහා පරීක්ෂණ ගාස්තු  1000.00
ප්‍රචාරණ කටයුතු සඳහා අයකිරීම (දිනකට)  1000.00
ගව ඝාතනය සඳහා අවසර පත්‍ර නිකුත් කිරීම 500.00
රෙදි හට් කුලියට දීම (එක රෙදි හට් එකක් සඳහා දිනකට)  500.00
ඡායා පිටපත් කිරීමේ ගාස්තු -තනි පැත්ත 3.00
ඡායා පිටපත් කිරීමේ ගාස්තු -දෙපැත්ත 4.00
ප්‍රදේශයේ තැනින් තැනට ගොස් වඩු කාර්මික යන්ත්‍රයක් භාවිතා කිරීම  1000.00
බැකෝ යන්ත්‍රය කුලියට දීම (පැය 01 ට ) 2200.00

 

අක්කර බදු
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියේ (3) වන උප වගන්තියෙන් ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව වැලිගෙපොල ප්‍රාදේශීය සභාව තුළ පිහිටියා වූද, ඉහත කී පනතින් 135 වන වගන්තිය නියමට යටතේ අක්කර බදු නිදහස් කර නොමැත්තා වූද, ස්ථිර හෝ නිතිපතා ගොවිතැනක් යටතේ වූ, (අ). ඉඩමේ ප්‍රමාණය හෙක්ටයාර් 05 කට අඩු වූ නමුත්, හෙක්ටයාර් 01 අඩු නොවන විට රු. 50.00 ක් ද, හෙක්ටයාර් 05 කට වැඩි සෑම ඉඩමක් වෙනුවෙන් වැඩිවන සෑම හෙක්ටයාරයක් සඳහාම රු. 10.00 බැගින්ද, වන වාර්ෂික අක්කර බද්දක් අය කිරීමටත්, (ආ) ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියේ (6) උප වගන්තියේ විධිවිධාන යටතේ එකී වර්ෂයේ මාර්තු 31, ජූනි 30 හා සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 යන දින වලට සමාන වාරික 04 කින් ගෙවීමටත්, (7) වන උප වගන්තියේ විධිවිධාන යටතේ එකී වර්ෂයේ ජනවාරි මාසයේ 31 වන දින හෝ ඊට ප්‍රථම ගෙවීම් කළහොත් එම වාර්ෂික අක්කර බද්දේ ප්‍රමාණයෙන් 10% ක වට්ටමක්ද, එම අක්කර බද්ද කාර්තු වලින් ගෙවන අවස්ථාවක කාර්තුවේ මුල් මාසයේ  ගෙවීම් කරනු ලබන්නේ නම් 5% ක වට්ටමක්ද හිමි වේ.

 

විවිධ වර්ගයේ අයකිරීම් /අන්තරාදායක කර්මාන්ත බලපත්‍ර ගාස්තු/අප්‍රසන්න ව්‍යාපාර බලපත්‍ර ගාස්තු හා කර්මාන්ත බදු පැනවීමට අදාල වන ව්‍යාපාර පිළිබද විස්තර

මෙතැනින් ලබා ගන්න