වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ පරිසර හා සෞඛ්‍ය අංශය

පරිසර අංශය

ප්‍රධාන කාර්ය භාරයන්
• පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම.
• පරිසර‍ දූෂණය ගැන සොයා බැලීම.
• පරිසර දූෂණ ප්‍රශ්න සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
• ‍පරිසර දූෂණය පිළිබඳ මහජන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම.
• රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම 

 

පරිසර අංශය තුලින් මෙම සේවාවන්ද ඔබට ලබාගත හැකිය
• දැව ප්‍රවාහනය සඳහා මාර්ග අවසර පත්‍ර ලබාදීම.

 

සෞඛ්‍ය අංශය

හැඳින්වීම වර්ග කිලෝමීටර් 420 ක විශාලත්වයකින් යුත් මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඕපනායක සහ වැලිගෙපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකින් සමන්විතය. ග්‍රාම නිලධාරී වසම් ගණන 50 ක් වේ. වර්තමාන ජනගහනය 64560 කි. මෙහි  වැලිගෙපොල, ඕපනායක, දෙල්ගස්ළඟ යන නගර ඉතා සීඝ්‍රයෙන් ජනාකීර්ණ වෙමින් පවතී. දෛනික කසළ ජනනය ඉතා සීග්‍රයෙන් වැඩිවන බැවින් මෙහිදී නිවැරදි ලෙස කසළ කළමණාකරන ක්‍රමවේදයක් ජනතාව වෙත හඳුන්වාදීම සභාව වෙත පැවරී ඇති ප්‍රමුඛතම කාර්යයකි. 

අරමුණකසළ වෙන්කර එකතු කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම, නැවත නැවත භාවිතා කළහැකි ක්‍රමවේදයන් පිළිබඳව ජනතාව තුල උනන්දුවක් ඇති කිරීම තුලින් මහජනයාට හිතකර සුවදායී පරිසරයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.

ප්‍රධාන කාර්ය භාරයන්

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ රෝග වාහක මදුරු උවදුර පාලනය කිරීම
• නගර පවිත්‍රතාවය
• වීථි ඇමදීම සහ කසළ එකතු කිරීම
• කාණු පද්ධති පිරිසිදු කිරීම
• නිවාස මට්ටිමින් කසළ ජනනය අවම කිරීම සඳහා ජිව කොටු ඇති කිරීමට ජනතාව දිරි ගැන්වීම
• අවශ්‍යතාවය පරිදි කසළ එකතු කිරිම සඳහා ට්‍රැක්ටර් රථය යෙදවීම
• නොදිරණ බඳුන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
• ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ට්‍රැක්ටර් රථය හා සෞඛ්‍ය කම්කරුවන් යෙදවීම
• සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන දූමායන වැඩසටහන් සඳහා ප්‍රතිපාදන ලබාදීම.
• රෝග වාහකයන් පාලනය කිරීම හා රෝගාබාධ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම

 

වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ පරිසර හා සෞඛ්‍ය අංශයේ ඉහත සේවා පිළිබද ඔබගේ ගැටඵ ප්‍රධාන 045-2270410 දුරකථන අංක මගින් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපි‍නයෙන් විමසීම් කල හැකිය.