නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව

1964-06-08 වන දින හෙලපල්ල ගම් සභා කාලයේ මෙම ආයුර්වේද බෙහෙත් ශාලාව ආරම්භ කර ඇත. එවක පටන් මේ දක්වා මෙම ස්ථානයේ ස්ථාපනය වී පවතී. පළාත් පාලන ආයතන ප්‍රතිපාදන හා පළාත් සභා ප්‍රතිපාදන වලින් වාර්ෂිකව අවශ්‍ය ඖෂධ ලබාගෙන ඇත. වාර්ෂිකව රෝගීන්ගේ පැමිණිමේ වැඩිවීමක් සිදුවී ඇත. ආයුර්වේද වෛද්‍ය නිලධාරී හා බෙහෙත් ශාලා කම්කරු ගෙන් මෙහි කාර්ය මණ්ඩලය සමන්විතය.

පිහිටි ස්ථානය
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඕපනායක නගරයේ දෙල්ගස්ළඟ හංදියේ මල්මීකන්ද මාවතේ 50M (වැලිගෙපොල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය අසල) ගිය තැන පිහිටා ඇත.

ප්‍රතිකාර කරන වේලාවන්
පෙ.ව.8.30 සිට ප.ව. 3.45 දක්වා ප්‍රතිකාර කරනු ලැබේ (ඉරිදා, පෝය සහ රජයේ නිවාඩු දිනයන්හිදි වසා ඇත)

ආයතනය තුලින් සිදු කෙරෙන සේවාවන්
• ආයතනයට පැමිණෙන රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීම
• ඕපනායක කොට්ඨාශය සහ වැලිගෙපොල කොට්ඨාශයේ විවිධ ස්ථාන තුල ජංගම ආයුර්වේද සායන පැවැත්වීම
• ප්‍රජාවගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමේ අරමුණින් විවිධ මාතෘකා ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යාම
• ප්‍රාදේශීය බල ප්‍රදේශය තුල පවතිනා තෝරාගත් පෙර පැසල් කිහිපයක දරුවන්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමේ අරමුණින් පෙර පාසල් දරුවන්ට පණු බෙහෙත් ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. එමෙන්ම පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමේ අරමුණින් කිහිප විටකදී  දරුවන්ට දිවා ආහාරයෙන් පසු පළතුරු ලබාදීම
• එමෙන්ම මෙම ආයතනය තුල පවත්නා ඔසුපැළ විශාල සංඛ්‍යාවකින් සමන්විත ආදර්ශ ඔසු උයනෙන් අවට පාසැල් වල දරුවනට ඔසු පැල පිළිබඳව දැනුම ලබාදීම

ආයතනය මෙතෙක් ලද ඇගයීම්

• 1999 වර්ෂයේ සබරගමුව පළාත් පාලන ආයතන අතර තරඟාවලියේදී හොඳම ඔසු උයනට හිමි සම්මානය ලැබීම
• 2008 පළාත් පාලන තරඟාවලියේදී රත්නපුර දිස්ත්‍රික් නිදහස් බෙහෙත් ශාලා අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීම
• 2009 වර්ෂයේ පළාත් පාලන තරඟාවලියේදී රත්නපුර දිස්ත්‍රික් නිදහස් බෙහෙත් ශාලා අතරින් තුන්වන ස්ථානය ලබා ගැනීම
• 2011 වර්ෂයේ පළාත් පාලන තරඟාවලියේදී රත්නපුර දිස්ත්‍රික් නිදහස් බෙහෙත් ශාලා අතරින් දෙවන ස්ථානය ලබා ගැනීම
• 2012 පළාත් පාලන තරඟාවලියේදී රත්නපුර දිස්ත්‍රික් නිදහස් බෙහෙත් ශාලා අතරින් තුන්වන ස්ථානය ලබා ගැනීම

විමසීම් - 045 2270410