වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ පෙර පාසල්

වැලිගෙපොල ප්‍රාදේශීය සභාව විසින් ප්‍රජා සේවා සපයන ආයතනයක් ලෙස සිය සමාජීය මෙහෙවර ඉටු කිරීම උදෙසා ප්‍රදේශයේ ජනතාවගේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමේ මූලික අඩිතාලමට උරදීම පිණිස ප්‍රාදේශීය සභා බල සීමා ප්‍රදේශය ආවරණය කරමින් පෙර පාසල් 03 ක් පවත්වාගෙන යනු ලබයි.

1. ප්‍රජා මණ්ඩල පෙර පාසල     - ඕපනායක
2. නිසසල පෙර පාසල - සඳඟනාගම
3. සුමඟ පෙර පාසල  - මුත්තෙට්ටුපොල


1. ප්‍රජා මණ්ඩල පෙර පාසල - ඕපනායක
රත්නපුර -  බලංගොඩ මාර්ගයේ ඕපනායක නගරයේ සිට මීටර් 20 පමණ දුරින් පිහිටා ඇත. (ඕපනායක පොලීසිය අසල)

2. නිසසල පෙර පාසල
බලංගොඩ - වැලිගෙපොල හරහා පල්ලෙබැද්ද මාර්ගයේ බලංගොඩ සිට කිලෝමීටර් 12 ක් පමණ දුරින් පිහිටා ඇත. මෙම ස්ථානයට බලංගොඩ - වැලිගෙපොල හරහා පල්ලෙබැද්ද මාර්ගයෙන් හෝ පල්ලෙබැද්ද - බලංගොඩ මාර්ගයෙන් ප්‍රවේශ විය හැක. 

3. සුමග පෙර පාසල
පල්ලෙබැද්ද සිට ගල්පාය මාර්ගයේ කිලෝමීටර් 06 ක් පමණ දුරින් මෙම පෙර පාසල පිහිටා ඇත.