වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ අභ්‍යන්තර ප්‍රතිපත්ති
පොළභූමි සහ වෙළඳපල අවකාශ ලබා දීමේ ප්‍රමුඛතාවයන් සඳහන් කළ නිර්ණායක සහිත අභ්‍යන්තර ප්‍රතිපත්තිය.
වැලිගෙපොල ප්‍රාදේශීය සභාව විසින්, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ එක් සතිපොලක් සතියේ සෙනසුරාදා දිනයන්හි පවත්වන අතර, ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ එක් සතිපොලක් සතියේ සෙනසුරාදා දිනයන්හි පවත්වනු ලබයි.
වැලිගෙපොල සතිපොල වෙළෙන්දන් පනහකට වැඩි ප්‍රමාණයක් සඳහා වෙළඳපල අවකාශ පවතින අතර, ඕපනායක සති පොලෙහිද පනහකට අධික ප්‍රමාණයක් වෙළෙන්දන් සඳහා වෙළෙඳපොළ අවකාශ ඇත. මෙම වෙළෙඳ ප්‍රජාව සමගින් වැලිගෙපොල හා ඕපනායක සතිපොල පවත්වාගෙන යනු ලබන අතර සතිපොලට පැමිණෙන ජනතාවට අවශ්‍ය එළවළු, පලතුරු, ඇඳුම් ආදී පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කරනු ලබයි. මෙම ක්‍රියාවලිය වඩාත් පහසු කරලීම සඳහා මෙන්ම වඩාත් ඵලදායී පළාත් පාලන සේවයක් ලබාදීම සඳහා මෙම අභ්‍යන්තර ප්‍රතිපත්තිය සකස් කරන ලදී.
01. පොලභූමිය වෙළෙන්දන් සඳහා වෙන් කිරීමේදී කාන්තා වෙළෙන්දියන් සඳහා 30%ක් පමණ ප්‍රමාණයක් වෙන්කර දීම.
02. විශේෂ අවශ්‍යතාවන් සහිත වෙළෙන්දන් සඳහා පොල භූමියෙන් 10% ක ප්‍රමාණයක් වෙන්කර දීම හා පොළ භූමිය භාවිතා කිරීම වෙනුවෙන් වෙළෙන්දන්ගෙන් අයකරනු ලබන බදු මුදලින් 50% ක් පමණ අයකරගැනීම.
03. ඕපනායක පොල භූමිය අවට පදිංචි හා ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි වෙළෙන්ඳන්ට ඕපනායක සතිපොලෙහි වෙළෙඳාම් කටයුතු සිදුකිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීමත්, එසේම වැලිගෙපොල පොළ භූමිය අවට පදිංචි හෝ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි වෙළෙන්ඳන්ට වැලිගෙපොල පොළ භූමියේ වෙළෙඳාම් කටයුතු සිදු කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීම
04. වෙළඳාම් කටයුතුවල නියැළීමෙන් අවදානමට ලක්ව ඇති අයෙක් නම් හෝ කිසියම් ස්වභාවික ආපදාවකට ලක් වී ආදායම් මාර්ග අහිමි වූ අයෙක් නම් නව ආදායම් මාර්ගයක් සලසා, වෙළඳාම ප්‍රවර්ධනය කර ගැනීමට අපේක්ෂිත අයට ප්‍රමුඛතාවය ලබා දී අවශ්‍ය දිරි ගැන්වීම ලබාදීම.
අවදානම් සහිත කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සඳහා විශේෂයෙන් සලකා බැලීම උදෙසා වන අභ්‍යන්තර ප්‍රතිපත්තිය
වැලිගෙපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන අඩු ආදායම්ලාභීන්/ අවදානම් සහිත කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, බල ප්‍රදේශය තුළ එවැනි ව්‍යාපාර අවම කරවමින්, ශක්තිමත් ආර්ථීකයක් සහිත ජනතාවක් බිහි කිරීම උදෙසා අවශ්‍ය දිරිගැන්වීම ලබා දීම පිණිස මෙම අභ්‍යන්තර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබයි.
01. අවිධිමත් ලෙස කරන ලද ඉදිකිරීම් තුළ සිදුකරනු ලබන ව්‍යාපාර නියමානුකූල කර ගෙන විධිමත් ඉදිකිරීම් සිදුකර ගන්නා තෙක්, බලපත්‍රය ලබාගැනීමට සහන කාලයක් ලබා දීම.
02. කාන්තා පාර්ශවයක් විසින් සිදු කරනු ලබන ආර්ථික අවදානම් සහිත ව්‍යාපාරයක් නම්, එම ව්‍යාපාරය යෝග්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දීමට හැකියාව ඇති ආයතන සම්බන්ධ කරගනිමින් කාන්තා මූලික ව්‍යාපාර නගා සිටුවීමට දායකත්වයක් ලබාදීම.
03. විශේෂිත අවශ්‍යතා සහිත පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර වෙනුවෙන් ලබා ගන්නා වාර්ෂික බදු, ව්‍යාපාරය ආරම්භක වර්ෂයෙන් නිදහස් කිරීම හා දෙවන වර්ෂයේ දී නියමිත බදු මුදලින් 50% පමණ අය කරගැනීම. (අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව)
04. සමෘද්ධිලාභීන් මෙන්ම සහනාධාර යටතේ ව්‍යාපාර ආරම්භ කර ඇති ව්‍යාපාර සඳහා, අයකරනු ලබන වාර්ෂික බදු මුදල් ව්‍යාපාරය ආරම්භක වර්ෂයෙන් නිදහස් කිරීම හා දෙවන වර්ෂයේ දී අදාළ බදු මුදලින් සියයට 50% පමණ අයකරගැනීම.