වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ ජල අංශය

වැලිගෙපොල ප්‍රාදේශීය සභා සීමාව තුල ජල මුලාශ්‍ර ක්‍රමවත්ව සකසා ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම අපගේ අභිප්‍රාය වේ.මේ වනවිට අප ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන ජල ව්‍යාපෘති සහ ඉදිරි සැළසුම් මෙසේය.

අනු අංකය දැනට ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘති ආවරණය වන ගම්මාන සංකේත අංකය
01. කන්දේ විහාර ජල ව්‍යාපෘතිය (උඩවෙල ජල ව්‍යාපෘතිය) උඩවෙල,ඕපනායක, දකුණු හුණුවල UD
02 උතුරු හුණුවල ජල ව්‍යාපෘතිය (නව ගම්මානය ජල ව්‍යාපෘතිය) නව ගම්මානය, දන්දෙනිය, හුණුවල,මිදැල්ලදෙනිය,ඉඹුල්තැන්න
ලිංතොටවෙල, තෝරවත්ත, අළුදෙනිය, අම්පිටිතැන්න, අඹගහතැන්න, මුගුණගොඩැල්ල, ලෙන්දර, කුට්ටපිටිගොඩ    
NG
03 පැළැන්දකන්ද ජල ව්‍යාපෘතිය පැළැන්දකන්ද, අස්වැද්දුම, කැටවල, තැන්නහේන,කෝන්වින්න, කරුවලගහ ළඟ, උඩවෙල, පීල්ලවත්ත, එගොඩ කන්ද, තලවත්ත PL
04 ලියන්වින්න ජල ව්‍යාපෘතිය උඩවෙල, ලියන්වින්න, බෝගහහංදිය, අරඹෙවත්ත, කෝන්ගහවතුගොඩ, මකුල්වින්න, ඩිංගිරිහාමිගොඩ LW
05 අඹගහවින්න ජල ව්‍යාපෘතිය අඔගහවින්න, මාදොළ, හෙලපල්ල AB
 

පොදුවේ සිදුකරන ජල සම්පාදන කාර්යයන්
• පොදුවේ සිදුකරන කාර්යයන් යටතේ වැලිගෙපොල සති පොළට හා ඕපනායක සති පොළ වෙත ජල නල මගින් අවශ්‍ය ජල පහසුකම් ලබාදෙන ලදි.
• තවද ඕපනායක සහ දෙලගස්ළඟ පොදු වැසිකිළි සඳහාද ජල පහසුකම් ලබාදී ඇත.

 

මේ වනවිට ප්‍රාදේශීය සභාව විසින් නඩත්තු කෙරෙන පොදු ජල කණු

ජල කණුව පිහිටි ස්ථානය
අංක 01 උඩවෙල රෝහල් හංදිය
අංක 02 උඩවෙල යකඩ පීල්ල අසළ
අංක 03 කන්දේ විහාර හංදිය
අංක 04 ගල්හිර හංදිය
අංක 05 ඕපනායක ග්‍රාමීය බැංකුව අසළ
අංක 06 ඕපනායක ඇඟළුම් කම්හල පිටුපස තේ කෑල්ලෙ ගෙදර අසළ
අංක 07 ඕපනායක තැපැල් කාර්යාලය අසළ
අංක 08 ඕපනායක තිසර සර්විස් අසල 
අංක 09 මියනපනාන කම්මල අසළ
අංක 10 මියනපනාන සර්විස් ස්ථානය අසල
අංක 11 විජේකාන්ත හාඩ්වෙයාර් අසල
අංක 12 දෙල්ගස්හංදිය පොදු වැසිකිළියට යන මාර්ගය අසල
අංක 13 ඩෙන්සිටි හාඩ්වෙයාර් අසල
අංක 14 හුණුවල, රංජිත් ශාන්ත මහතාගේ නිවස අසල

 

ජල ගාස්තු අයකිරීම් පිළිබද විස්තර මෙතැනින් ලබාගන්න

ජල බිල් පත් ගෙවීම

  • ජල පාරිභෝගිකයන් විසින් මාසිකව පරිභෝජනය කරන ලද ඒකක ප්‍රමාණයට අදාල ගාස්තුව හා ස්ථාවර ගාස්තුවද ඇතුලත්ව සකස් කරන ජල බිල්පත් ලැබී දින 14 ක් ඇතුලත අදාල පාරිභෝගිකයන් විසින් ගෙවීම් කටයුතු සිදු කල යුතුය.
  • පාරිභෝගිකයන් හට අදාල ජල බිල්පත් ගෙවීම සභාවට පැමිණ සිදු කල හැකි අතර එසේම ඔවුන්ගේ පහසුව තකා ජල බිල්පත් බෙදාහරින්නා හටම ජල ගාස්තු ගෙවීමටද අවස්ථාව සලසා තිබේ.   
  • මෙම අවස්ථා දෙකහිදීම ඔවුන් වෙත ගෙවීමට අදාල ලදුපත් නිකුත් කිරිම සිදු වේ.

මුලික ජල සේවා ගාස්තු අය කිරීම
ජල සම්බන්ධතාවයක් ලබා දීමේදී පාරි‍භෝගිකයන්ගෙන් මූලික ජල සේවා ගාස්තු වශයෙන් රු.10500.00 ක  මුදලක් අය කරනු ලබයි. 

ජල සැපයුම විසංධි කිරීම
 මෙහිදී පහත සඳහන් අවස්ථා වලදී ජල සැපයුම විසංධි කිරීම සිදු කරනු ලබයි. 
01. ජල බිල්පත් වලට අදාල ගාස්තු ගෙවිම දින 14 කට වඩා ප්‍රමාද කිරීම.
02.  මුලික ජල සේවා ගාස්තු නිසි පරිදි ගෙවීම් නොකිරීම.

මෙම අවස්ථාවන් දෙක යටතේ විසංධි කිරීමට ප්‍රථම පහත සදහන් ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබයි. 
• එම හිග මුදල දින 14 ක් ඇතුලත ගෙවන ලෙසත් නැතහොත් විසංධි කරන බවටත් දන්වා අවසන් නිවේදනය සහිත බිල්පතක් පාරිභෝගිකයා වෙත යැවීම.
• එම කාලය තුල අදාල හිග මුදල සම්පූර්ණ නොගෙවන්නේ නම් ජල සැපයුම විසංධි කරනු ලැබේ.
• නැවත එම විසංධි කළ ජල සම්බන්ධතාවය ලබාගන්නේ නම් එම සම්පූර්ණ හිඟ මුදලත් සංධි කිරීමේ සේවා ගාස්තු වන රු: 500/= ක මුදලත් සභාව වෙත අයකර ගනු ලබයි.

මීට අමතරව,
• යම් ස්ථානයකට සපයනු ලබන ජලය නතර කිරීම/අත්හිටුවීම/අඩු කිරීම හෝ ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන නළ වලින් හෝ කර්මාන්තයෙන් එම ස්ථානයට ජලය සපයන නළ මාර්ගය වෙනස් කිරීමද පහත සඳහන් අවස්ථා වලදී සිදු කරයි.

1. එම ස්ථානයේ අයිතිකරු හෝ පදිංචිකරුගේ ඉල්ලීම පිට.
2. එම ස්ථානයේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් එම සේවය වැඩි කිරීම සඳහා නළයක් දැමීම හෝ වෙනස් කිරීම නීත්‍යානුකූලව සිදු කර නැති විට.
3. ජල කර්මාන්තයට අලාභ හානි කිරීමට/ජලය අපවිත්‍ර කිරීමට/නාස්ති කිරීමට හෝ ජලය අයුතු ලෙස පරිභෝජනය කිරීමට කටයුතු කර ඇති විට.

මහජන පැමිණිලි සඳහා ක්‍රියා කිරීම
• පාරිභෝගිකයා හට කිසියම් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය වේ නම් එය ලිඛිතව ප්‍රාදේශීය සභාව වෙත ලබා දිය හැකිය.
•එසේත් නැතිනම් දුරකතනය ඔස්සේද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
 මේ කුමන ආකාරයකින් පැමිණිලි කළද ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනම්ව ගැනීමට  කටයුතු යොදා ඇත. එසේ කිරීමේදී පාරිභෝගික තෘප්තිමත්භාවය පිළිබඳව වැඩි සැලකිල්ලක් යොමු කෙරේ.