වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ ඵලදායිතා කව

බුද්ධි කවය


මෙම කවය ගිණුම් අංශය තුලින් ක්‍රියාත්මක වේ. එමගින් විනිවිධ මුල්‍ය කළමණාකරණයක් තුලින් යහපාලනයක් කරා යමින් ආයතනයේ මූල්‍ය පාලනයට දායක වේ.

 

නිර්මාණි කවය

ආයතන අංශයේ සහ සංවර්ධන අංශයේ ජව ගැන්වීමෙන් මෙම කවය සෑදී ඇත. මේ තුලින් ආයතනයේ අඩුපාඩු සකස් කරමින් ආයතනයේ සංවර්ධනය මෙන්ම සභා බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබලා ඒවා ඉටු කිරීමට උත්සාහ කරයි

 


ප්‍රතිභා කවය

 ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය, අකරැල්ල කියවීම් ශාලාව, ගල්පාය සෙවණ පුස්තකාලය, වැලිගෙපොල නිදහස් ස්වර්ණජයන්ති පුස්තකාලය, ඕපනායක ප්‍රජා මණ්ඩල පෙර පාසල, මුත්තෙට්ටුපොල සුමග පෙර පාසල හා සඳගනාගම නිසසල පෙර පාසල යන ආයතන වලින් මෙම කවය සෑදී ඇත. ප්‍රදේශයේ දූ දරුවන්ගේ කුලසතා සහ බුද්ධි වර්ධනය කිරීම සඳහා දායකත්වය සපයයි.

 


හරිත කවය

හරිත කවය පරිසර හා සෞඛ්‍ය අංශය නියෝජනය කරයි. මෙමගින් කාර්යාල භූමියේ පවිත්‍රතාවය, අලංකාරත්වය පිලිබඳව සොයා බලන අතර සභා බල ප්‍රදේශයේ අවශ්‍යතාවය අනුව කසළ කළමණාකරන වැඩසටහන් මෙහෙයවනු ලබයි.

 

නීරෝගි කවය
 

 

වැලිගෙපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල වෙසෙන ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය වැඩසටහන්, ආයුර්වේද සායන,  නොමිලයේ  ඖෂධ ලබාදීම තුලින් නිරෝගිමත් ප්‍රජාවක් බිහි කිරීමට උත්සාහ දරයි.