වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ සංවර්ධන හා සැලසුම් අංශය

බිම්කට්ටි සැලසුම්

බිම්කට්ටි සැලසුම් අනුමත කිරීමේදී ඉදිරිපත් කල යුතු ලේඛන

1. මිනින්දෝරු සැලැස්මේ පිටපත් 03ක් (එම පිටපත් මිනින්දෝරු තැන විසින් සහතික කල යුතුය).
2. මිනින්දෝරු සැලැස්මට අදාල ඔප්පුවේ පිටපත් 01ක්
3. කට්ටි කරන ලද ඉඩමක් නම් අනුමත මූලික සැලැස්ම ඉදිරිපත් කල යුතුය.

අනුමත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

1. මිනින්දෝරු සැලැස්ම ඉල්ලුම් කරන දින සිට අවුරුදු 10ක් ඇතුලත ඇද තිබිය යුතුය.
2. ඉඩමට අදාල මාර්ග රක්ෂිත
3. ඉඩමේ මායිම්
4. ඉඩමට අදාල ගංගා රක්ෂිත
5. ඉඩමේ ජල ප්‍රවාහන ක්‍රමය
6. විදුලි රැහැන් පද්ධති
7. ඉඩමේ පිහිටා ඇති ගොඩනැගිලි 

බිම්කට්ටි සැලසුම් අනුමත කිරීමේ ගාස්තු   -  රු.500.00

 

නොපවරා ගැනීමේ සහ වීථි රේඛා සහතික

නොපවරා ගැනීමේ සහ වීථි රේඛා සහතිකයක් ලබාගැනීමට ඉදිරිපත් කළයුතු ලේඛණ‍
• ඔප්පුවේ මුල් පිටපත හා එහි ඡායා පිටපතක්
• මිනින්දෝරු සැළැස්මේ මුල් පටපත හා එහි ඡායා පිටපතක්
• නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
• ඉල්ලුම්කරු අදාල ඉඩමේ අයිතිකරු නොවේනම් අයිතිකරුගෙන්, වීථි රේඛා සහතිකය අදාල පුද්ගලයාට නිකුත් කරන ලෙස ඉල්ලීම් කරන ලද ලිපිය

නොපවරා ගැනීමේ සහ වීථි රේඛා සහතිකයක් අලුත් කිරීමේදී හෝ ඔප්පුව සහ සැළසුම බැංකුවෙහි තබා ඇති විට
• අදාල බැංකුවෙන් වීථි රේඛාවක් නිකුත් කරන ලෙස ඉල්ලීම් කරන ලද ලිපිය (අදාල ඔප්පු අංකය සහ සැළසුම් අංකය ලිපියේ ඇතුලත් කළ යුතුය)
• ඔප්පුව හා සැළසුමේ පිටපත් බැංකුව විසින් සහතික කර තිබිය යුතුය


වීථිරේඛා සහතික නිකුත් කිරීමේ ගාස්තු   -  රු. 500/=


 ඉදිකිරීම් හා ගොඩනැගිලි සැලසුම් අනුමැතිය

ඉදිකිරීම් හා ගොඩනැගිලි සැලසුම් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදි සිදුවන ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා ඔබ විසින් වැලිගෙපොල ප්‍රාදේශීය සභාව වෙතින් ලබා ගන්නා ලද අයඳුම්පත පහත ලියවිලි වල මෘදු පිටපත් සහිතව අප වෙත යොමු කරන්න.
• ඉඩමට අදාල සහතික කරන ලද ඔප්පුවේ පිටපත.
• ඉඩමට අදාල සහතික කරන ලද පිඹුරු පිටපත .
• ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ලබා දෙනු ලැබූ වාර්තාව.
• විධිමත්ව සැලසුම් කරන ලද නිවාස සැලසුම් පිටපත් 03ක් .(මෙම සැලසුම් සුදුසුකම්ලත් පුද්ගලයකු විසින් සහතික කල යුතුය.)
• ගොඩනැගිල්ලේ බිමෙහි වර්ග අඩි ප්‍රමාණය 4000 ට වැඩි නම් වරලත් ඉංජිනේරුවරයකු හෝ වරලත් වාස්තු විද්‍යාඥයකු විසින් සහතික කල යුතුය.
• පාරිසරික ආරක්ෂණ බලපත්‍ර පබා ගත යුතු කර්මාන්තයකට අදාල ඉදිකිරීමක් නම් පරිසර අධිකාරිය මඟින් ලබා ගන්නා ලද පාරිසරික නිර්දේශ වාර්තාව.
• සංවර්ධන කරු ඉඩමේ අයිතිකරු නොවන්නේ නම් අයිතිකරු විසින් සංවර්ධන කරුට අදාළ ඉදිකිරීමට අවසරය ලබා දුන් ලිපි.

එමඟින් ඔබගේ අයඳුම්පත ඉදිරි කටයුතු සඳහා යොමු කරනු ලැබේ.

ඉන් පසුව ඔබ විසින් දින 3ත් 5ත් අතර කාලය තුල සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රයේ මුල් පිටපත සෙසු උපයෝගී ලියවිලි සමඟ ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ භාර දීමට කටයුතු කල යුතුය.